My books


මායා වනය (Maaya Wanaya) Translation of Enchanted Wood by Enid Blyton
මායා වනය යනුවෙන් සිංහලයට නැගී ඇත්තේ එනිඩ් බ්ලයිටන් නම් ලෝක ප්රසිද්ධ ළමා කතා කතුවරියක විසින් ලියන ලද එන්චාන්ටඩ් වුඩ් නම් කෘතිය යි.
මව පියා සමග පිටිසර පදිංචියට එන කුඩා දරුවන් තිදෙනෙකුට අහම්බෙන් හමුවන ගුප්ත මායාකාරී වනාන්තරයක් තුළ දී ඔවුන් ලබන මායාකාරී අත්දැකීම් ගැන මෙහි ඔබට කියවිය හැකි යි.
ඔවුන්ට හමුවන විවිධ කුඩා සුර මිනිසුන්, ඔවුන් තනන අමුතු රසකැවිලි, මායා ගස හරහා සංක්රමණය විය හැකි විවිධ දේශයන්හි දී ඔවුන් මුහුණ දෙන විනෝදජනක, ත්රාසජනක අත්දැකීම් ඔබට විනෝදය හා ත්රාසය ගෙන දෙයි.


ඇලිස්ගේ අපූරු චාරිකාව
Translation of Alice in Wonderland by Lewis Carroll
මා දුටු සිහිනයක් කියලා අනන්තව රචනා ලියැවිලා ඇති.
ඒත් ඇලිස් ගේ සිහිනය අපූරු චාරිකාවක්. එහි දී ඇය මුහුණ පෑ දේවල් සිහිනයක දී ම පමණක් සිදුවිය හැකි දේවල්.
පිටු 129 ක් පුරා පරිච්ඡෙද 12 ක් තිස්සෙ මේ සිහින චාරිකාව දිවෙනවා.
ලෝක පූජිත ළමා කතාවක්.
පුස්තකාල මණ්ඩලයේ අනුමතයි.


Step into the tiny, magical world of a 3-year-old girl growing up in Sri Lanka. Induni’s Story celebrates everyday adventures, family love, and childhood wonder.
Perfect for little readers aged 3–6.
Induni's Story


Chirath's Days
What does a mangosteen hide inside?
Why do stars disappear in the daytime?
How do letters tell a story?
In Chirath’s Days, a curious little boy explores his world — from village gardens and sandy beaches to trains, languages, and faraway countries.
Set in Sri Lanka and rich in cultural warmth, this beautifully told collection introduces young readers to family traditions, nature, community, and the joy of asking questions.
A heartwarming read-aloud for ages 3–6, and a delightful window into childhood in South Asia for families around the world.


චිරාත්ගේ කතන්දර හරහා ඔබ වෙත ගෙන එන්නේ කුතුහලයෙන් ප්රශ්න නගන කුඩා චිරාත්ගේ කතාන්දරය යි.
කිරි ලැබෙන්නේ කොහෙන්ද …
බයිසිකල්, කාර්, බස් ගැන …
තරු හා සමනලුන් ගැන …
බීජයකින් පැලයක් එන්නේ කොහොමද?
අකුරු කියන්නේ මොනවද, පොත් කියවන්නේ කොහොමද
අම්මා, තාත්තා, සීයා, අත්තම්මාගෙන් මේ සියල්ල ප්රශ්න කරන පුංචි චිරාත් ගැන පුංචි කතන්දර මෙහි ඇතුළත්
චිරාත්ගේ කතන්දර


කම්පියුටරෙන් මතු වූ අපූරු යාළුවා
ඔයා කම්පියුටර් ගේම් එකක නියැලී ඉන්න කොට අමුතු දෙයක් වෙනවා.
කම්පියුටරය හරහා ඔයා සමග සම්බන්ධ වෙන්නේ පිටසක්වලයෙක්.
එයා මොකක්ද ඔයාට කියන්නේ?
ඔයා එයා එක්ක මොකද කරන්නේ?
අන්තිමට එයා යන්න යන්නේ ඇයි?
මේ ඔක්කොටම පිළිතුරු බලා ගන්න. කියවන්න.


ඩිලන් සමරවික්රම යනු ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්රී ලාංකික සම්භවයක් ඇති තරුණයෙකි. ජීවිතයේ අරුත සොයා මෝටර් බයිසිකලයක නැගී ලොව පුරා ගිය ගමනක දී ඔහු ලද විවිධ අත්දැකීම් අපූරුවට ගලපා ලියා ඇත.
ඔහු සමග ඔබටත් සුඩානය, ඉතියෝපියාව, ඇලස්කාව, සිරියාවේ අත්දැකීම් බෙදා ගත හැකිය. ඔහුගේ මහත් උද්වේගකර වික්රමාන්විතය මෝටර් බයිසිකලයේ එන්ජිම යොදාගෙන සාදා ගත් පහුරකින් පැනමාවේ සිට පැසිෆික් සාගරයේ ඔස්සේ කොලොම්බියාව වෙත හුදෙකලාව යාත්රා කිරීම යි.
මනසේ චිත්ත රූප මැවෙන් අයුරින් ඔහු තම අත්දැකීම් ලියා ඇති ශෛලිය අපූරු ය, චමත්කාරජනක ය.
බ්රිජට්ගේ දිරිය


Home | About Me | My Books | Contact Me
© 2026 Manel Fernando. All rights reserved.
Powered by Senkada Labs


